☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. මත්වීමට ත්, ප්‍රමාදයට ත් හේතු වන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකමින් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්වීමට ත්, ප්‍රමාදයට ත් හේතු වන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
නිරය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M