අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.3.9. පරිකුප්ප සුත්තං

5.3.3.9. කිපෙන ස්වභාවය ඇති තැනැත්තා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් දෙනා අපාගත වන්නෝ ය. නිරයෙහි උපදින්නෝ ය. කිපෙන ස්වභාවයෙන් යුතු වූවාහු පිළියම් නැත්තාහු වෙති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මව ජීවිතයෙන් තොර කරන ලද්දේ වෙයි. පියා ජීවිතයෙන් තොර කරන ලද්දේ වෙයි. රහත් භික්ෂුව ජීවිතයෙන් තොර කරන ලද්දේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ලේ සොලවන ලද්දේ වෙයි. සංඝභේදය කරන ලද්දේ වෙයි.

මහණෙනි, මේ පස් දෙනා අපාගත වන්නෝ ය. නිරයෙහි උපදින්නෝ ය. කිපෙන ස්වභාවයෙන් යුතු වූවාහු පිළියම් නැත්තාහු වෙති.

සාදු! සාදු!! සාදු!!!

පරිකුප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M