අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.3.8. සමණ දුක්ඛ – සුඛ සුත්තං

5.3.3.8. භික්ෂුවගේ දුක – සැප ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ශ්‍රමණයාට ඇති මේ දුක් පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ලද සිවුරකින් නොසතුටු වන්නේ වෙයි. ලද ආහාරයෙන් නොසතුටු වන්නේ වෙයි. ලද කුටියෙන් නොසතුටු වන්නේ වෙයි. ලද ගිලන්පස බෙහෙත් පිරිකරෙන් නොසතුටු වන්නේ වෙයි. අකමැත්තෙන් යුතු ව බඹසර හැසිරෙයි.

මහණෙනි, ශ්‍රමණයාට ඇත්තේ මේ දුක් පස යි.

මහණෙනි, ශ්‍රමණයාට ඇති මේ සැප පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ලද සිවුරකින් සතුටු වන්නේ වෙයි. ලද ආහාරයෙන් සතුටු වන්නේ වෙයි. ලද කුටියෙන් සතුටු වන්නේ වෙයි. ලද ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටු වන්නේ වෙයි. ඉතා කැමැත්තෙන් යුතු ව බඹසර හැසිරෙයි.

මහණෙනි, ශ්‍රමණයාට ඇත්තේ මේ සැප පස යි.

සාදු! සාදු!! සාදු!!!

සමණ දුක්ඛ සුඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M