☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සංඝයාගෙන් වෙන් ව වාසය කරන්නට නුසුදුසු වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ලද සිවුරකින් නොසතුටු වන්නේ වෙයි. ලද ආහාරයෙන් නොසතුටු වන්නේ වෙයි. ලද කුටියෙන් නොසතුටු වන්නේ වෙයි. ලද ගිලන්පස බෙහෙත් පිරිකරෙන් නොසතුටු වන්නේ වෙයි. කාම සංකල්ප බහුල ව වාසය කරයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සංඝයාගෙන් වෙන් ව වාසය කරන්නට නුසුදුසු වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සංඝයාගෙන් වෙන් ව වාසය කරන්නට සුදුසු වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ලද සිවුරකින් සතුටු වන්නේ වෙයි. ලද ආහාරයෙන් සතුටු වන්නේ වෙයි. ලද කුටියෙන් සතුටු වන්නේ වෙයි. ලද ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටු වන්නේ වෙයි. නෙක්ඛම්ම සංකල්ප බහුල ව වාසය කරයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සංඝයාගෙන් වෙන් ව වාසය කරන්නට සුදුසු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
වපකාස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M