☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ ආයුෂයට හිත නොවූ දේවල් පසකි. ඒ කවර පසක් ද යත්;
රෝගයට හිත නොවූ දේ කරන්නේ වෙයි. හිත වූ දේ ගැන පමණ නොදන්නේ වෙයි. ගත් ආහාර නොදිරවා තිබෙද්දී තව තවත් අනුභව කරන්නේ වෙයි. දුස්සීල වෙයි. පවිටු මිතුරන් ඇත්තේ වෙයි.
මහණෙනි, මේ වනාහී ආයුෂයට හිත නොවූ දේවල් පස යි.
මහණෙනි, මේ ආයුෂයට හිත වූ දේවල් පසකි. ඒ කවර පසක් ද යත්;
රෝගයට හිත වූ දේ කරන්නේ වෙයි. හිත වූ දේ ගැන පමණ දන්නේ වෙයි. ගත් ආහාර නොදිරවා තිබෙද්දී තව තවත් අනුභව නොකරන්නේ වෙයි. සිල්වත් වෙයි. කලණ මිතුරන් ඇත්තේ වෙයි.
මහණෙනි, මේ වනාහී ආයුෂයට හිත වූ දේවල් පස යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ආයුස්ස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M