අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.3.2. සති සූපට්ඨිත සුත්තං

5.3.3.2. මැනැවින් පිහිටි සිහිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා පස් වැදෑරුම් ධර්මයක් දියුණු කරයි නම්, පස් වැදෑරුම් ධර්මයක් බහුල වශයෙන් ප්‍රගුණ කරයි නම් ඔහු විසින් දෙවැදෑරුම් ප්‍රතිඵලයන්ගෙන් එක්තරා ප්‍රතිඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මෙලොවදී ම අරහත්වයට පත්වීම හෝ කෙලෙස් ඉතුරු ව ඇති කල්හී අනාගාමී වීම හෝ ය. ඒ කවර ධර්මයන් පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුවගේ ඇතුළාන්තයෙහි සිහිය මැනැවින් පිහිටියේ වෙයි. ධර්මයන් පිළිබඳ ව දියුණුවට වැඩීගෙන යන ප්‍රඥාවෙන් යුතුව කය කෙරෙහි අසුභය නුවණින් දකිමින් වාසය කරයි. ආහාරයේ පිළිකුල් සංඥාවෙන් යුතු වෙයි. සියළු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාවෙන් යුතු වෙයි. සියළු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය වශයෙන් නුවණින් දකින්නේ වෙයි.

මහණෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා මෙම පස් වැදෑරුම් ධර්මය දියුණු කරයි නම්, මෙම පස් වැදෑරුම් ධර්මය බහුල වශයෙන් ප්‍රගුණ කරයි නම් ඔහු විසින් දෙවැදෑරුම් ප්‍රතිඵලයන්ගෙන් එක්තරා ප්‍රතිඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මෙලොවදී ම අරහත්වයට පත්වීම හෝ කෙලෙස් ඉතුරු ව ඇති කල්හී අනාගාමී වීම හෝ ය.

සාදු! සාදු!! සාදු!!!

සතිසූපට්ඨිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M