අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.1.2. සංකිත සුත්තං

5.3.1.2. සැක කරන බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව නොසෙල්වෙන අරහත්වයට පත්වූයේ නමුත් පාප භික්ෂුවක් යැයි යළි යළි ත් සැක කරන්නේ, හැම අයුරින් සැක කරන්නේ වෙයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ගණිකාවන් වාසය කරන තැන් කරා පිඬු සිඟා යයි. වැන්දඹුවන් වාසය කරන තැන් කරා පිඬු සිඟා යයි. මහළු මෙනෙවියන් වාසය කරන තැන් කරා පිඬු සිඟා යයි. නපුසංකයන් වාසය කරන තැන් කරා පිඬු සිඟා යයි. භික්ෂුණීන් වාසය කරන තැන් කරා පිඬු සිඟා යයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව නොසෙල්වෙන අරහත්වයට පත්වූයේ නමුත් පාප භික්ෂුවක් යැයි යළි යළි ත් සැක කරන්නේ, හැම අයුරින් සැක කරන්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සංකිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M