සැවැත් නුවර දී ය ……
මහණෙනි, සේඛ භික්ෂුව හට විශාරද බව ඇතිකරන මේ ධර්මයෝ පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. බහුශ්‍රැත වෙයි. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි.
මහණෙනි, ශ්‍රද්ධා නැති භික්ෂුව හට යම් පසුබෑමක් ඇත්නම් ශ්‍රද්ධා ඇති භික්ෂුව හට ඒ පසුබෑම නොවෙයි. එහෙයින් මේ ශ්‍රද්ධා ඇති බව නම් වූ ධර්මය සේඛ භික්ෂුවට විශාරද බව ඇති කරයි.
මහණෙනි, දුස්සීල භික්ෂුව හට යම් පසුබෑමක් ඇත්නම් සිල්වත් භික්ෂුව හට ඒ පසුබෑම නොවෙයි. එහෙයින් මේ සිල්වත් බව නම් වූ ධර්මය සේඛ භික්ෂුවට විශාරද බව ඇති කරයි.
මහණෙනි, අල්පශ්‍රැත භික්ෂුව හට යම් පසුබෑමක් ඇත්නම් බහුශ්‍රැත භික්ෂුව හට ඒ පසුබෑම නොවෙයි. එහෙයින් මේ බහුශ්‍රැත බව නම් වූ ධර්මය සේඛ භික්ෂුවට විශාරද බව ඇති කරයි.
මහණෙනි, කුසීත භික්ෂුව හට යම් පසුබෑමක් ඇත්නම් පටන්ගත් වීරිය ඇති භික්ෂුව හට ඒ පසුබෑම නොවෙයි. එහෙයින් මේ පටන්ගත් වීරිය ඇති බව නම් වූ ධර්මය සේඛ භික්ෂුවට විශාරද බව ඇති කරයි.
මහණෙනි, දුෂ්ප්‍රාඥ භික්ෂුව හට යම් පසුබෑමක් ඇත්නම් ප්‍රඥාවන්ත භික්ෂුව හට ඒ පසුබෑම නොවෙයි. එහෙයින් මේ ප්‍රඥාව ඇති බව නම් වූ ධර්මය සේඛ භික්ෂුවට විශාරද බව ඇති කරයි.
මහණෙනි, මේ වනාහී සේඛ භික්ෂුව හට විශාරද බව ඇතිකරන ධර්මයෝ පස යි.
සාදු! සාදු!! සාදු!!!
සේඛ වේසාරජ්ජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M