අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.4.9. පඨම සේඛ සුත්තං

5.2.4.9. හික්මෙන භික්ෂුව ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;

බාහිර කටයුතු කෙරෙහි ඇලී සිටීම, දායකකාරකාදීන් සමඟ කතාවෙහි ඇලී සිටීම, නින්දෙහි ඇලී සිටීම, පිරිස සමඟ ඇලී සිටීම, විමුක්ති චිත්තය ලැබූ අයුරු ගැන ප්‍රත්‍යවේක්ෂා නොකරයි.

මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින්නේ ය.

මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;

බාහිර කටයුතු කෙරෙහි ඇලී නොසිටීම, දායකකාරකාදීන් සමඟ කතාවෙහි ඇලී නොසිටීම, නින්දෙහි ඇලී නොසිටීම, පිරිස සමඟ ඇලී නොසිටීම, විමුක්ති චිත්තය ලැබූ අයුරු ගැන ප්‍රත්‍යවේක්ෂා කරයි.

මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම සේඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M