අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.4.6. පටිසම්භිදා සුත්තං

5.2.4.6. පටිසම්භිදා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;

අත්ථ පටිසම්භිදාවට පැමිණියේ වෙයි. ධම්ම පටිසම්භිදාවට පැමිණියේ වෙයි. නිරුක්ති පටිසම්භිදාවට පැමිණියේ වෙයි. පටිභාන පටිසම්භිදාවට පැමිණියේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කුදු මහත් යම් කටයුතු ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අනලස් ඇත්තේ වෙයි. උපාය වීමසංනයෙන් යුතු වූයේ වෙයි. මනා ලෙස පිළිවෙළකට කිරීමට සමර්ථ වූයේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පටිසම්භිදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M