අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.4.5. අක්ඛම සුත්තං

5.2.4.5. ඉවසනු නොහැකි බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;

ඇසින් දකින රූප ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. කනට ඇසෙන ශබ්ද ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. නාසයට දැනෙන ගන්ධ ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. දිවට දැනෙන රස ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. කයට දැනෙන පහස ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;

ඇසින් දකින රූප ඉදිරියේ ඉවසනු හැකි වෙයි. කනට ඇසෙන ශබ්ද ඉදිරියේ ඉවසනු හැකි වෙයි. නාසයට දැනෙන ගන්ධ ඉදිරියේ ඉවසනු හැකි වෙයි. දිවට දැනෙන රස ඉදිරියේ ඉවසනු හැකි වෙයි. කයට දැනෙන පහස ඉදිරියේ ඉවසනු හැකි වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අක්ඛම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M