☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;
රාගය දුරු නොකළේ වෙයි. ද්වේෂය දුරු නොකළේ වෙයි. මෝහය දුරු නොකළේ වෙයි. ගුණමකු වූයේ වෙයි. එකට එක කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;
රාගය දුරු කළේ වෙයි. ද්වේෂය දුරු කළේ වෙයි. මෝහය දුරු කළේ වෙයි. ගුණමකු නොවූයේ වෙයි. එකට එක නොකරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
වීතරාග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M