සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලාට අප්රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;
කුහකයෙක් වෙයි. ලාභාපේක්ෂාවෙන් චාටු බස් කියන්නෙක් වෙයි. නිමිති හඟවා කතා කරන්නෙක් වෙයි. අනුන් නැති තැන ගුණ හෙළා කතා කරන්නේ වෙයි. ලාභයෙන් ලාභය සොයන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලාට අප්රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලාට ප්රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;
කුහකයෙක් නොවෙයි. ලාභාපේක්ෂාවෙන් චාටු බස් නොකියන්නෙක් වෙයි. නිමිති හඟවා කතා නොකරන්නෙක් වෙයි. අනුන් නැති තැන ගුණ හෙළා කතා නොකරන්නේ වෙයි. ලාභයෙන් ලාභය නොසොයන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලාට ප්රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
කුහක සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M