සැවැත් නුවර දී ය ……..
මහණෙනි, මේ අනාගත භය පසකි. මෙකල මේවා හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නාහු ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන ඒවා ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, අනාගතයෙහි අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූහු පහළ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂූහු අන්‍යයන් උපසම්පදා කරති. ඒ භික්ෂූහු ඔවුන් අධිසීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි හික්මවන්නට අසමත් වෙති. එවිට ඔවුනුත් අභාවිත කය ඇත්තෝ අභාවිත සිල් ඇත්තෝ අභාවිත සිත් ඇත්තෝ අභාවිත ප්‍රඥා ඇත්තෝ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂූහු අන්‍යයන් උපසම්පදා කරති. ඒ භික්ෂූහු ත් ඔවුන් අධිසීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි හික්මවන්නට අසමත් වෙති. එවිට ඔවුනුත් අභාවිත කය ඇත්තෝ අභාවිත සිල් ඇත්තෝ අභාවිත සිත් ඇත්තෝ අභාවිත ප්‍රඥා ඇත්තෝ වන්නාහු ය. මහණෙනි, මෙසේ ධර්මය පිරිහීමෙන්, විනය පිරිහී යන්නේ ය. විනය පිරිහීමෙන්, ධර්මය පිරිහී යන්නේ ය. මහණෙනි, මෙය පළමුවෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.
තව ද මහණෙනි, අනාගතයෙහි අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූහු පහළ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂූහු අන්‍යයන්ට තමා ඇසුරෙහි සිටීමට නිස්සය දෙති. ඒ භික්ෂූහු ඔවුන් අධිසීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි හික්මවන්නට අසමත් වෙති. එවිට ඔවුනුත් අභාවිත කය ඇත්තෝ අභාවිත සිල් ඇත්තෝ අභාවිත සිත් ඇත්තෝ අභාවිත ප්‍රඥා ඇත්තෝ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂූහු අන්‍යයන් තමා ඇසුරෙහි සිටීමට නිස්සය දෙති. ඒ භික්ෂූහු ත් ඔවුන් අධිසීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි හික්මවන්නට අසමත් වෙති. එවිට ඔවුනුත් අභාවිත කය ඇත්තෝ අභාවිත සිල් ඇත්තෝ අභාවිත සිත් ඇත්තෝ අභාවිත ප්‍රඥා ඇත්තෝ වන්නාහු ය. මහණෙනි, මෙසේ ධර්මය පිරිහීමෙන්, විනය පිරිහී යන්නේ ය. විනය පිරිහීමෙන්, ධර්මය පිරිහී යන්නේ ය. මහණෙනි, මෙය දෙවෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.
තව ද මහණෙනි, අනාගතයෙහි අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූහු පහළ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂූහු ගැඹුරු ධර්ම කථාව ප්‍රඥාසම්පන්න ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්නට ගොස් අනුන්ට ගරහමිනුත්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට බැස ගනිමිනුත් සිටිමින් එය වටහා නොගන්නාහු ය. මහණෙනි, මෙසේ ධර්මය පිරිහීමෙන්, විනය පිරිහී යන්නේ ය. විනය පිරිහීමෙන්, ධර්මය පිරිහී යන්නේ ය. මහණෙනි, මෙය තුන්වෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.
තව ද මහණෙනි, අනාගතයෙහි අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූහු පහළ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂූහු තථාගත භාෂිත වූ ගැඹුරු වූ ගැඹුරු අර්ථ ඇති ලොව්තුරු වූ ස්කන්ධ – ධාතු – ආයතනාදී ශූන්‍යතා ප්‍රතිසංයුක්ත වූ යම් සූත්‍රාන්ත ධර්මයන් ඇද්ද, ඒවා දේශනා කරන කල්හී සවන්දීමට රුචි නොකරන්නාහු ය. සවන් යොමු නොකරන්නාහු ය. අවබෝධය පිණිස සිත නොපිහිටුවන්නාහු ය. ඒ ධර්මයන් ඉගෙන ගත යුතු යැයි ප්‍රගුණ කළ යුතු යැයි නොසිතන්නාහු ය. යම් ඒ ශ්ලෝක බන්ධනය කරන ලද, කවීන්ට අයත් වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු වචන ඇති, සසුනෙන් බැහැර ව ගිය බාහිර ශ්‍රාවකයන් විසින් ගොතන ලද යම් සූත්‍රාන්ත වෙත් නම් ඒවා දෙසන කල්හී සවන්දීමට රුචි කරන්නාහු ය. සවන් යොමු කරන්නාහු ය. අවබෝධය පිණිස සිත පිහිටුවන්නාහු ය. ඒ ධර්මයන් ඉගෙන ගත යුතු යැයි ප්‍රගුණ කළ යුතු යැයි සිතන්නාහු ය. මහණෙනි, මෙසේ ධර්මය පිරිහීමෙන්, විනය පිරිහී යන්නේ ය. විනය පිරිහීමෙන්, ධර්මය පිරිහී යන්නේ ය. මහණෙනි, මෙය සිව්වෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.
තව ද මහණෙනි, අනාගතයෙහි අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූහු පහළ වන්නාහු ය. එසේ අභාවිත කයෙන් යුතු, අභාවිත සීලයෙන් යුතු, අභාවිත සිතින් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ ස්ථවිර භික්ෂූහු සිව්පස ලාභය බහුල කොට වසන්නාහු ය. ශාසනය ලිහිල් කොට, පිරිහෙන කරුණු ළංකර ගන්නාහු ය. ඒ පිරිහෙන කරුණු පෙරට ගෙන, හුදෙකලා භාවනාවෙහි යෙදීම පිණිස වෙර වැඩීම අත්හරින්නාහු ය. නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය නොඅරඹන්නාහු ය. ඔවුන්ගෙන් පැවිදි බව ලබන පශ්චිම ජනතාව ද ඔවුන්ගේ දෘෂ්ටියට පැමිණෙන්නේ ය. ඒ පශ්චිම ජනයෝ ද සිව්පස ලාභය බහුල කොට වසන්නාහු ය. ශාසනය ලිහිල් කොට, පිරිහෙන කරුණු ළංකර ගන්නාහු ය. ඒ පිරිහෙන කරුණු පෙරට ගෙන, හුදෙකලා භාවනාවෙහි යෙදීම පිණිස වෙර වැඩීම අත්හරින්නාහු ය. නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය නොඅරඹන්නාහු ය. මහණෙනි, මෙසේ ධර්මය පිරිහීමෙන්, විනය පිරිහී යන්නේ ය. විනය පිරිහීමෙන්, ධර්මය පිරිහී යන්නේ ය. මහණෙනි, මෙය පස්වෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.
මහණෙනි, මේ අනාගත භය පස යි. මෙකල මේවා හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නාහු ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන ඒවා ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය අනාගත භය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M