☰
සැවැත් නුවර දී ය ……
මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරගත් විට, බහුල කරගත් විට ඒකාන්තයෙන් ම අවබෝධයෙන් එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත්, විශිෂ්ට ඥානය පිණිස ත්, අවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින්නේ ය. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව (1). කය පිළිබඳ ව අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරයි. (2). ආහාරයෙහි පිළිකුල් සංඥාවෙන් යුක්ත ව, (3). සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාවෙන් යුක්ත ව, (4). සියළු සංස්කාරයන් හි අනිත්‍ය නුවණින් දකිමින්, (5). මරණ සංඥාව තමා තුළ මැනැවින් පිහිටුවා ගෙන සිටින්නේ වෙයි.
මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරගත් විට, බහුල කරගත් විට ඒකාන්තයෙන් ම අවබෝධයෙන් එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත්, විශිෂ්ට ඥානය පිණිස ත්, අවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
නිබ්බිදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M