☰
සැවැත් නුවර දී ය ……
මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරගත් විට, බහුල කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතින්නේ ය. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව (1). කය පිළිබඳ ව අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරයි. (2). ආහාරයෙහි පිළිකුල් සංඥාවෙන් යුක්ත ව, (3). සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාවෙන් යුක්ත ව, (4). සියළු සංස්කාරයන් හි අනිත්‍ය නුවණින් දකිමින්, (5). මරණ සංඥාව තමා තුළ මැනැවින් පිහිටුවා ගෙන සිටින්නේ වෙයි.
මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරගත් විට, බහුල කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ආසවක්ඛය සූත්‍රය නිමා විය.
දෙවෙනි සඤ්ඤා වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
සඤ්ඤා සූත්‍ර දෙක, වඩ්ඪි සූත්‍ර දෙක, සාකච්ඡා සූත්‍රය, සාජීව සූත්‍රය, ඉද්ධිපාද සූත්‍ර දෙක, නිබ්බිදා සූත්‍රය සහ ආසවක්ඛය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M