අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.2.8. දුතිය ඉද්ධිපාද සුත්තං

5.2.2.8. ඉර්ධිපාද ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සම්බුද්ධත්වයට පෙර අභිසම්බෝධිය නොලැබුවේ බෝධිසත්ව වූයේ ම මම ධර්ම පසක් දියුණු කළෙමි. ධර්ම පසක් බහුල වශයෙන් ප්‍රගුණ කළෙමි.

බලවත් කැමැත්තෙන් යුතු ව උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ව ඉර්ධිපාදය වැඩුවෙමි. බලවත් වීරියෙන් යුතු ව උපදවා ගත් සමාධිය ….(පෙ)…. බලවත් සිතකින් යුතු ව උපදවා ගත් සමාධිය ….(පෙ)…. බලවත් විමසීමෙන් යුතු ව උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ව ඉර්ධිපාදය වැඩුවෙමි. පස්වැන්න වනාහී දිගට ම ගනු ලැබූ උත්සාහය ම යි.

මහණෙනි, ඒ මම දිගට ම ගනු ලැබූ උත්සාහය ම පස්වෙනි කොට ඇති මේ ධර්මයන් දියුණු කරලීමෙන්, බහුල ව ප්‍රගුණ කරලීමෙන්, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරලිය යුතු යම් යම් ධර්මයන් ඇද්ද, ඒවා විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු කළෙමි. ඒ ඒ ඥානයන් පිළිබඳ ව ඒ ඒ තන්හි දී ප්‍රත්‍යක්ෂ කරගැනීමට නිසි සමර්ථභාවයට පැමිණියෙමි.

ඉදින් මම කැමති වෙම් නම් ‘අනේකවිධ ඉර්ධි ප්‍රාතිහාර්යයන් අත්දකින්නෙමි. තනි කෙනෙක් ව සිට බොහෝ අය වන්නෙමි. ….(පෙ)…. බ්‍රහ්මලෝකය දක්වා කයින් වසඟයෙහි පවත්වන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවයට පැමිණියෙමි. ….(පෙ)….

ඉදින් මම කැමති වෙම් නම් ….(පෙ)…. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් (අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත්) ….(පෙ)…. සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවයට පැමිණියෙමි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ඉද්ධිපාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M