සැවැත් නුවර දී ය …..
මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරන්නේ නම්, පස් වැදෑරුම් ධර්මයන් බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ නම් ඔහු විසින් දෙවැදෑරුම් වූ ප්‍රතිඵලයන්ගෙන් එක්තරා ප්‍රතිඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මේ ජීවිතයේ දී ම අරහත්වය හෝ කෙලෙස් ඇති කල්හි අනාගාමී භාවය යි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් කැමැත්තෙන් යුතු ව උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ව ඉර්ධිපාදය වඩයි. බලවත් වීරියෙන් යුතු ව උපදවා ගත් සමාධිය ….(පෙ)…. බලවත් සිතකින් යුතු ව උපදවා ගත් සමාධිය ….(පෙ)…. බලවත් විමසීමෙන් යුතු ව උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ව ඉර්ධිපාදය වඩයි. පස්වැන්න වනාහී දිගට ම ගනු ලබන උත්සාහය ම යි.
මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරන්නේ නම්, පස් වැදෑරුම් ධර්මයන් බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ නම් ඔහු විසින් දෙවැදෑරුම් වූ ප්‍රතිඵලයන්ගෙන් එක්තරා ප්‍රතිඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මේ ජීවිතයේ දී ම අරහත්වය හෝ කෙලෙස් ඇති කල්හි අනාගාමී භාවය යි.
සාදු! සාදු!! සාදු!!!
පඨම ඉද්ධිපාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M