☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලා සමඟ එකට ජීවත් වීමට සුදුසු වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව තමා ද සීල සම්පන්න වූයේ වෙයි. සීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද සමාධි සම්පන්න වූයේ වෙයි. සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද ප්රඥා සම්පන්න වූයේ වෙයි. ප්රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද විමුක්ති සම්පන්න වූයේ වෙයි. විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්රශ්නයන් විසඳන්නේ වෙයි. තමා ද විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙන් යුක්ත වූයේ වෙයි. විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි පැන නඟින ප්රශ්නයන් විසඳන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලා සමඟ එකට ජීවත් වීමට සුදුසු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අලං සාජීව සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M