අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.1.9. පඨම ඛුඩ්ඪපබ්බජිත සුත්තං

5.2.1.9. වයසට ගොස් පැවිදිවූවහු ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ වයසට ගොස් පැවිදි වූ කෙනා දුර්ලභ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, වයසට ගොස් පැවිදි වූ කෙනා සියුම් දහම් කරුණු දන්නේ ය යන්න දුර්ලභ ය. ආකල්ප සම්පත්තියෙන් යුතු බව දුර්ලභ ය. බහුශ්‍රැත බව දුර්ලභ ය. ධර්මකථික බව දුර්ලභ ය. විනයධර බව දුර්ලභ ය.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ වයසට ගොස් පැවිදි වූ කෙනා දුර්ලභ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම බුඩ්ඪපබ්බජිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M