අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.1.10. දුතිය ඛුඩ්ඪපබ්බජිත සුත්තං

5.2.1.10. වයසට ගොස් පැවිදිවූවහු ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ වයසට ගොස් පැවිදි වූ කෙනා දුර්ලභ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, වයසට ගොස් පැවිදි වූ කෙනා කීකරු වන්නේ ය යන්න දුර්ලභ ය. මැනැවින් දහම් කරුණු ඉගෙන ගන්නා බව දුර්ලභ ය. අවවාදය පැදකුණු කොට ගන්නා බව දුර්ලභ ය. ධර්මකථික බව දුර්ලභ ය. විනයධර බව දුර්ලභ ය.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ වයසට ගොස් පැවිදි වූ කෙනා දුර්ලභ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය බුඩ්ඪපබ්බජිත සූත්‍රය නිමා විය.

පළමු නීවරණ වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

නීවරණ සූත්‍රය, අකුසලරාසි සූත්‍රය, පධානියංග සූත්‍රය, සමය සූත්‍රය, මාතාපුත්ත සූත්‍රය, උපජ්ඣාය සූත්‍රය, ඨාන සූත්‍රය, ලිච්ඡවි කුමාර සූත්‍රය සහ බුඞ්ඪපබ්බජිත සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M