සැවැත් නුවර දී ය…..
මහණෙනි, ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු මේ කරුණු පසකි. ඒ කවර කරුණු පසක් ද යත්;
(1). ‘ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේය.
(2). ‘රෝගී වන ස්වභාවය ඇත්තෙක් වෙමි. රෝග නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේය.
(3). ‘මරණයට පත්වන ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණය නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේය.
(4). ‘මා හට ප්‍රිය මනාප වූ සෑම දෙයක් කෙරෙන් ම වෙනස් වීමකට පත්වන්නේ ය, වෙන් වීමකට පත්වන්නේ ය’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ය.
(5). ‘මා සිත කය වචනය මෙහෙයවා කරන කර්මය මා සතු දෙය කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් දායාදය කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන්ට අනුව උපත ලබන ස්වභාවය ඇතිව සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් මාගේ ඥාතියා කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් කර්මයක් කරන්නෙම් නම් එය දායාද කොට සිටින්නෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ය.
(1). මහණෙනි, කවර කරුණක් හේතුවෙන් ද ‘ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ? මහණෙනි, යම් මත් වීමකින් මත්වන සත්වයෝ කයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, එබඳු වූ යෞවනය පිළිබඳ ව යෞවන මදයක් සත්වයන් හට ඇත්තේ ය. ජරා ජීර්ණවීම පිළිබඳ ව නිතර මෙනෙහි කරන්නේ නම් යෞවනයෙහි යම් යෞවන මදයක් ඔහුට ඇද්ද, එය මුළුමනින් ම නැතිවී හෝ යයි. නැතහොත් තුනී හෝ වෙයි. මහණෙනි, මෙම අර්ථය සළකා බැලීම නිසා ය ‘ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ.
(2). මහණෙනි, කවර කරුණක් හේතුවෙන් ද ‘රෝගී වන ස්වභාවය ඇත්තෙක් වෙමි. රෝග නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ? මහණෙනි, යම් මත් වීමකින් මත්වන සත්වයෝ කයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, එබඳු වූ ආරෝග්‍ය පිළිබඳ ව ආරෝග්‍ය මදයක් සත්වයන් හට ඇත්තේ ය. රෝගී වීම පිළිබඳ ව නිතර මෙනෙහි කරන්නේ නම් ආරෝග්‍යයෙහි යම් ආරෝග්‍ය මදයක් ඔහුට ඇද්ද, එය මුළුමනින් ම නැතිවී හෝ යයි. නැතහොත් තුනී හෝ වෙයි. මහණෙනි, මෙම අර්ථය සළකා බැලීම නිසා ය ‘රෝගී වන ස්වභාවය ඇත්තෙක් වෙමි. රෝග නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ.
(3). මහණෙනි, කවර කරුණක් හේතුවෙන් ද ‘මරණයට පත්වන ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණය නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ? මහණෙනි, යම් මත් වීමකින් මත්වන සත්වයෝ කයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, එබඳු වූ ජීවිතය පිළිබඳ ව ජීවිත මදයක් සත්වයන් හට ඇත්තේ ය. මරණය පිළිබඳ ව නිතර මෙනෙහි කරන්නේ නම් ජීවිතයෙහි යම් ජීවිත මදයක් ඔහුට ඇද්ද, එය මුළුමනින් ම නැතිවී හෝ යයි. නැතහොත් තුනී හෝ වෙයි. මහණෙනි, මෙම අර්ථය සළකා බැලීම නිසා ය ‘මරණයට පත්වන ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණය නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ.
(4). මහණෙනි, කවර කරුණක් හේතුවෙන් ද ‘මා හට ප්‍රිය මනාප වූ සෑම දෙයක් කෙරෙන් ම වෙනස් වීමකට පත්වන්නේ ය, වෙන් වීමකට පත්වන්නේ ය’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ? මහණෙනි, යම් රාගයකින් ඇලී ගිය සත්වයෝ කයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙත් ද, එබඳු වූ ප්‍රිය වූ දෙය කෙරෙහි ඡන්දරාගය සත්වයන් හට ඇත්තේ ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳ ව නිතර මෙනෙහි කරන්නේ නම් ප්‍රිය වූ දේ කෙරෙහි යම් ඡන්දරාගයක් ඔහුට ඇද්ද, එය මුළුමනින් ම නැතිවී හෝ යයි. නැතහොත් තුනී හෝ වෙයි. මහණෙනි, මෙම අර්ථය සළකා බැලීම නිසා ය ‘මා හට ප්‍රිය මනාප වූ සෑම දෙයක් කෙරෙන් ම වෙනස් වීමකට පත්වන්නේ ය, වෙන් වීමකට පත්වන්නේ ය’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ.
(5). මහණෙනි, කවර කරුණක් හේතුවෙන් ද ‘මා සිත කය වචනය මෙහෙයවා කරන කර්මය මා සතු දෙය කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් දායාදය කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන්ට අනුව උපත ලබන ස්වභාවය ඇතිව සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් මාගේ ඥාතියා කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් කර්මයක් කරන්නෙම් නම් එය දායාද කොට සිටින්නෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ? මහණෙනි, සත්වයන් හට කායික දුෂ්චරිතය ද, වාචසික දුෂ්චරිතය ද, මානසික දුෂ්චරිතය ද ඇත්තේ ය. තමන්ගේ ක්‍රියාව පිළිබඳ ව නිතර මෙනෙහි කරන්නේ නම් ඔහුට යම් දුෂ්චරිතයක් ඇද්ද, එය මුළුමනින් ම නැතිවී හෝ යයි. නැතහොත් තුනී හෝ වෙයි. මහණෙනි, මෙම අර්ථය සළකා බැලීම නිසා ය ‘මා සිත කය වචනය මෙහෙයවා කරන කර්මය මා සතු දෙය කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් දායාදය කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන්ට අනුව උපත ලබන ස්වභාවය ඇතිව සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් මාගේ ඥාතියා කොට සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් කර්මයක් කරන්නෙම් නම් එය දායාද කොට සිටින්නෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ.
(1). මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සිහි කරයි. ‘හුදෙකලාව මම් පමණක් ජරාවට පත්වන ස්වභාවයෙන් යුතු ව ජරාව නොඉක්මවා සිටින්නෙම් නොවෙමි. වැලිදු යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක්, මෙලොවින් යාමක්, චුතියක්, උපතක් ඇද්ද ඒ සියළු සත්වයෝ ජරාජීර්ණවන ස්වභාවයෙන් යුක්තයහ. ජරාව ඉක්මවා නොසිටිති’ යි. එකරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්හී ඔහුට ලොව්තුරු මාර්ගය උපදින්නේ ය. හේ ඒ මාර්ගය සේවනය කරයි. භාවිත කරයි. බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, භාවිත කරන, බහුල වශයෙන් ප්‍රගුණ කරන, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති.
(2). ‘හුදෙකලාව මම් පමණක් රෝගවලට පත්වන ස්වභාවයෙන් යුතු ව රෝගය නොඉක්මවා සිටින්නෙම් නොවෙමි. වැලිදු යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක්, මෙලොවින් යාමක්, චුතියක්, උපතක් ඇද්ද ඒ සියළු සත්වයෝ රෝගීවන ස්වභාවයෙන් යුක්තයහ. රෝග ඉක්මවා නොසිටිති’ යි. එකරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්හී ඔහුට ලොව්තුරු මාර්ගය උපදින්නේ ය. හේ ඒ මාර්ගය සේවනය කරයි. භාවිත කරයි. බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, භාවිත කරන, බහුල වශයෙන් ප්‍රගුණ කරන, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති.
(3). ‘හුදෙකලාව මම් පමණක් මරණයට පත්වන ස්වභාවයෙන් යුතු ව මරණය නොඉක්මවා සිටින්නෙම් නොවෙමි. වැලිදු යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක්, මෙලොවින් යාමක්, චුතියක්, උපතක් ඇද්ද ඒ සියළු සත්වයෝ මියයන ස්වභාවයෙන් යුක්තයහ. මරණය ඉක්මවා නොසිටිති’ යි. එකරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්හී ඔහුට ලොව්තුරු මාර්ගය උපදින්නේ ය. හේ ඒ මාර්ගය සේවනය කරයි. භාවිත කරයි. බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, භාවිත කරන, බහුල වශයෙන් ප්‍රගුණ කරන, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති.
(4). ‘මා හට පමණක් ප්‍රිය මනාප වූ සියළු දේ කෙරෙන් වෙන්වන්නට සිදු වීම ද, වෙන් වන ස්වභාවය ද නැත්තේ ය. වැලිදු යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක්, මෙලොවින් යාමක්, චුතියක්, උපතක් ඇද්ද ඒ සියළු සත්වයන් හට ප්‍රිය මනාප වූ සියළු දේ කෙරෙන් වෙන්වන්නට සිදු වීම ද, වෙන් වන ස්වභාවය ද ඇත්තේ ය’ යි. එකරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්හී ඔහුට ලොව්තුරු මාර්ගය උපදින්නේ ය. හේ ඒ මාර්ගය සේවනය කරයි. භාවිත කරයි. බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, භාවිත කරන, බහුල වශයෙන් ප්‍රගුණ කරන, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති.
(5). ‘හුදෙකලාව මා පමණක් මා කරන හොඳ නරක දෙය තමා සතු දෙය කොට ඇත්තෙම්, මා කරන හොඳ නරක දෙය දායාදය කොට ඇත්තෙම්, මා කරන හොඳ නරක දෙයට අනුව උපත ලබන ස්වභාවය ඇත්තෙම්, මා කරන හොඳ නරක දෙය ඥාතියා කොට ඇත්තෙම්, මා කරන හොඳ නරක දෙය පිළිසරණ කොට ඇත්තෙම්, යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් ක්‍රියාවක් කරන්නෙම් නම් එය දායාද කොට සිටින්නෙම් නොවෙමි. වැලිදු යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක්, මෙලොවින් යාමක්, චුතියක්, උපතක් ඇද්ද ඒ සියළු සත්වයෝ තමන් කරන හොඳ නරක දෙය තමන් සතු දෙය කොට ඇත්තාහු ය, තමන් කරන හොඳ නරක දෙය දායාදය කොට ඇත්තාහු ය, තමන් කරන හොඳ නරක දෙයට අනුව උපත ලබන ස්වභාවය ඇත්තාහු ය, තමන් කරන හොඳ නරක දෙය ඥාතියා කොට ඇත්තාහු ය, තමන් කරන හොඳ නරක දෙය පිළිසරණ කොට ඇත්තාහු ය, යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් ක්‍රියාවක් කරන්නාහු නම් එය දායාද කොට සිටින්නාහු ය’ යි. එකරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්හී ඔහුට ලොව්තුරු මාර්ගය උපදින්නේ ය. හේ ඒ මාර්ගය සේවනය කරයි. භාවිත කරයි. බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, භාවිත කරන, බහුල වශයෙන් ප්‍රගුණ කරන, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති.
(ගාථා)
1. රෝග හටගන්නා ස්වභාව ඇති, ජරා ජීර්ණ වන ස්වභාව ඇති, එමෙන් ම මැරෙන ස්වභාව ඇති, පෘථග්ජන සත්වයෝ එබඳු වූ ම සත්වයන් දැක අන්‍යයන් පිළිකුල් කරති.
2. මෙබඳු ස්වභාවයෙන් යුතු සත්වයන් කෙරෙහි මම් පිළිකුල් කොට දකින්නෙම් නම්, මෙබඳු ස්වභාවයෙන් ම වාසය කරන මා හට එය ගැලපෙන දෙයක් නොවෙමි.
3. ඒ මම මෙබඳු ස්වභාවයෙන් වාසය කරමින් නිකෙලෙස් වූ අරහත් ධර්මය අවබෝධ කොට ආරෝග්‍යයෙහි ද, යෞවනයෙහි ද, ජීවිතයෙහි ද යම් මත්වීමක් ඇත් නම්,
4. ඒ සියළු මත්වීම් මැඬගෙන නෛෂ්ක්‍රම්‍ය නම් වූ උතුම් පැවිදි බව බිය රහිත තැන ලෙස දැක්කෙමි. ඒ මා හට නිවන් අවබෝධ කිරීම පිණිස බලවත් පැතුමකුත්, උත්සාහයකුත් වූයේ ය.
5. දැන් මම ළාමක කාමයන් සේවනය කිරීමට නුසුදුස්සෙක්මි. බ්‍රහ්මචරිය පිළිසරණ කොටගෙන ආපසු නොවැටෙන නිවන් මග යන්නෙමි.
සාදු! සාදු!! සාදු!!!
ඨාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M