සැවැත් නුවර දී ය ……..
මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට මේ නොකල් පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ජරා ජීර්ණ වූයේ වෙයි. ජරාවෙන් මඬනා ලද්දේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය නොවූ පළමුවැන්න යි.
තවද මහණෙනි, භික්ෂුව රෝගී වූයේ වෙයි. රෝගයෙන් මඬනා ලද්දේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය නොවූ දෙවැන්න යි.
තවද මහණෙනි, දුර්භික්ෂයක් ඇතිවූයේ වෙයි. වගාවන් වැනසී ගියේ ආහාර සොයා ගැනීමට අපහසු වූයේ වෙයි. පාත්‍රය ගෙන පිඬු සිඟා යෑමෙන් යැපෙන්නට දුෂ්කර වෙයි. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය නොවූ තෙවැන්න යි.
තවද මහණෙනි, භය ඇති වූයේ වෙයි. වන වැදුණු සොරුන්ගෙන් වන බිය හේතුවෙන් රථයන්ට නැගී ජනපදවැසියෝ රැකවරණ සොයා දුව යති. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය නොවූ සිව්වැන්න යි.
තවද මහණෙනි, සංඝයා බිඳුණේ වෙයි. මහණෙනි, සංඝයා භේද බින්න වූ කල්හී එකිනෙකාට හට ආක්‍රෝශ කරන්නාහු වෙති. එකිනෙකා හට තර්ජනය කරන්නාහු වෙති. එකිනෙකා හට විරුද්ධ ජනයා පිරිවරන්නාහු වෙති. එකිනෙකා හට හෙළා බැහැර කරන්නාහු වෙති. එහිලා නොපැහැදුණු වුන් තවත් නොපැහැදී යති. පැහැදුණා වූ ඇතැම් කෙනෙකුන් වෙනස් වී යති. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය නොවූ පස්වැන්න යි.
මහණෙනි, මේ වනාහී ප්‍රධන් වීර්යය කිරීමට නොහැකි කාලයන් පස යි.
මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට මේ කල් පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව තරුණ වූයේ වෙයි. තරුණ වූයේ කළු කෙස් ඇත්තේ සොඳුරු යෞවන වයසින් යුක්ත වූයේ, පළමු වයසෙහි සිටියේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය වූ පළමුවැන්න යි.
තවද මහණෙනි, භික්ෂුව අල්ප ආබාධ අත්තේ වෙයි. අල්ප රෝග ඇත්තේ වෙයි. සම ව දිරවන වඩා ත් සීත නොවූ ත්, වඩාත් ඌෂ්ණ නොවූ ත් මධ්‍ය ම ආහාර දිරවන ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ආකාරයේ ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය වූ දෙවැන්න යි.
තවද මහණෙනි, සුභික්ෂ ඇතිවූයේ වෙයි. වගාවන් සරුසාර වූයේ, ආහාර සොයා ගැනීමට පහසු වූයේ වෙයි. පාත්‍රය ගෙන පිඬු සිඟා යෑමෙන් යැපෙන්නට පහසු වෙයි. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය වූ තෙවැන්න යි.
තවද මහණෙනි, මිනිස්සු සමගි ව සමගියෙන් සතුටු වෙමින් වාද විවාද නොකරමින් කිරි හා දිය එක් වූ කලක මෙන් ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරති. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය වූ සිව්වැන්න යි.
තවද මහණෙනි, සංඝයා සමගි වූයේ වෙයි. සමගියෙන් සතුටු වූයේ වෙයි. වාද විවාද නොකරන්නේ වෙයි. එක අරමුණක් උදෙසා සුවසේ වසන්නේ වෙයි. මහණෙනි, සංඝයා සමගි ව සිටින කල්හී එකිනෙකාට හට ආක්‍රෝශ නොකරන්නාහු වෙති. එකිනෙකා හට තර්ජනය නොකරන්නාහු වෙති. එකිනෙකා හට විරුද්ධ ජනයා නොපිරිවරන්නාහු වෙති. එකිනෙකා හට හෙළා බැහැර නොකරන්නාහු වෙති. එහිලා නොපැහැදුණු වුන් පැහැදී යති. පහන් වූවෝ වඩාත් පැහැදී යති. මහණෙනි, මේ ප්‍රධන් වීර්යයට කාලය වූ පස්වැන්න යි.
මහණෙනි, මේ වනාහී ප්‍රධන් වීර්යය කිරීමට කාලයන් පස යි.
සාදු! සාදු!! සාදු!!!
අසමය – සමය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M