සැවැත් නුවර දී ය……
මහණෙනි, ප්‍රධන් වීරිය වැඩීමෙහි මේ අංග පසකි. ඒ කවර පසක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.
2. අල්ප ආබාධ අත්තේ වෙයි. අල්ප රෝග ඇත්තේ වෙයි. සම ව දිරවන වඩා ත් සීත නොවූ ත්, වඩා ත් ඌෂ්ණ නොවූ ත් මධ්‍ය ම ආහාර දිරවන ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ආකාරයේ ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි.
3. වංචා නැත්තේ වෙයි. මායා නැත්තේ වෙයි. ඒ වූ සැටියෙන් ම තමාගේ ස්වභාවය ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ හෙළිදරව් කරන්නේ වෙයි.
4. අකුසල් දහම් ප්රහාණය කිරීම පිණිස ත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිස ත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. කුසල් දහම්හි නොපසුබස්නා වීරිය ඇත්තේ වෙයි.
5. ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ වනාහී ප්‍රධන් වීරිය වැඩීමෙහි අංග පස යි.
සාදු! සාදු!! සාදු!!!
පධානියංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M