අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.1.2. අකුසල රාසි සුත්තං

5.2.1.2. අකුසල් රැස ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, අකුසල රාශිය වශයෙන් යමක් සඳහා මැනැවින් කිව යුතු නම් එය මේ පංච නීවරණයන් උදෙසා ම කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ පංච නීවරණයන් ඇද්ද මෙය මුළුමනින් ම අකුසල රාශියකි. ඒ කවර පසක් ද යත්; කාමච්ඡන්ද නීවරණය ය, ව්‍යාපාද නීවරණය ය, ථිනමිද්ධ නීවරණය ය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය ය, විචිකිච්ඡා නීවරණය ය.

මහණෙනි, අකුසල රාශිය වශයෙන් යමක් සඳහා මැනැවින් කිව යුතු නම් එය මේ පංච නීවරණයන් උදෙසා ම කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ පංච නීවරණයන් ඇද්ද මෙය මුළුමනින් ම අකුසල රාශියකි.

සාදු! සාදු!! සාදු!!!

අකුසල රාසි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M