එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන, මේ නීවරණයෝ පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, කාමච්ඡන්දය යනු සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයකි. ව්‍යාපාදය යනු සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයකි. ථීනමිද්ධය යනු සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයකි. උද්ධච්ච කුක්කුච්චය යනු සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයකි. විචිකිච්ඡාව යනු සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයකි.
මහණෙනි, මේ වනාහී සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන, නීවරණයෝ පස යි.
මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්රහාණය නොකොට, බල රහිත, දුර්වල වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ ය කියා හෝ අන්‍යයන්ගේ යහපත දන්නේ ය කියා හෝ දෙපක්ෂයෙහි ම යහපත දන්නේ ය කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ ය කියා හෝ යන්න සිදු නොවන දෙයකි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. කන්දකින් ඇද හැලෙන ඉතා දුර ගලා බස්නා වේගවත් සැඩ පහර ඇති සියල්ල ගසාගෙන යන සුළු වූ නදියක් වෙයි ද, පුරුෂයෙක් ඒ නදිය දෙපස නඟුලෙන් කළ ඇළවල් විවෘත කරන්නේ නම්, මෙසේ වූ කල්හී මහණෙනි, ඒ නදියෙහි මැද සැඩ පහර විසිරී ගියේ, පැතිරී ගියේ, වැළකුණේ දුරට නොයන්නේ ය. වේගවත් සැඩ පහර නොවන්නේ ය. සියල්ල ගසාගෙන යන සුළු නොවෙන්නේ ය.
එසෙයින් ම මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්රහාණය නොකොට, බල රහිත, දුර්වල වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ ය කියා හෝ අන්‍යයන්ගේ යහපත දන්නේ ය කියා හෝ දෙපක්ෂයෙහි ම යහපත දන්නේ ය කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ ය කියා හෝ යන්න සිදු නොවන දෙයකි.
මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්රහාණය කොට, බලවත් වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ ය කියා හෝ අන්‍යයන්ගේ යහපත දන්නේ ය කියා හෝ දෙපක්ෂයෙහි ම යහපත දන්නේ ය කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ ය කියා හෝ යන්න සිදු වන දෙයකි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. කන්දකින් ඇද හැලෙන ඉතා දුර ගලා බස්නා වේගවත් සැඩ පහර ඇති සියල්ල ගසාගෙන යන සුළු වූ නදියක් වෙයි ද, පුරුෂයෙක් ඒ නදිය දෙපස නගුලෙන් කළ ඇළවල් වසා දමන්නේ නම්, මෙසේ වූ කල්හී මහණෙනි, ඒ නදියෙහි මැද සැඩ පහර නොවිසිරී ගියේ, නොපැතිරී ගියේ, නොවැළකුණේ දුරට යන්නේ ය. වේගවත් සැඩ පහර වන්නේ ය. සියල්ල ගසාගෙන යන සුළු වන්නේ ය.
එසෙයින් ම මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිතේ දියුණුව වළකාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඬගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්රහාණය කොට, බලවත් වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ ය කියා හෝ අන්‍යයන්ගේ යහපත දන්නේ ය කියා හෝ දෙපක්ෂයෙහි ම යහපත දන්නේ ය කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ ය කියා හෝ යන්න සිදුවන දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
නීවරණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M