අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.5.9. කෝසල සුත්තං

5.1.5.9. කොසොල් රජු හට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය.

එකල්හී එක්තරා පුරුෂයෙක් පසේනදී කොසොල් රජු වෙත පැමිණියේ ය. පැමිණ පසේනදී කොසොල් රජුගේ කනට ළං වී මෙය සැළ කළේ ය.

“දේවයන් වහන්ස, මල්ලිකා දේවිය කළුරිය කළා ය.”

මෙසේ පැවසූ කල්හී පසේනදී කොසොල් රජ තෙමේ දුක් වූයේ ය. නොසතුටු සිත් ඇත් කරගත්තේ ය. සිරුර පහත් කොට මුව යටිකුරු කොට කල්පනා කරමින් වැටහීම් රහිත ව හුන්නේ ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ දුකට පත් ව, දුක් වූ සිතින්, සිරුර පහත් කොට, මුහුණ යටට හරවාගෙන කල්පනාවට වැටී වැටහීම් රහිත ව සිටින පසේනදී කොසොල් රජු දැන පසේනදී කොසොල් රජු හට මෙය වදාළ සේක.

“මහරජ, ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි මේ කරුණු පසකි. (ඒ කවර කරුණු පසක් ද? ජරා ජීර්ණ වන දෙය ජරා ජීර්ණ නොවේවා යන්න නොලැබිය හැකි කරුණකි) ….(පෙ)…. (ශෝක නොකොට ඉවසිය යුත්තේ ය.) කර්මය දැඩි වූ දෙයකි. දැන් ඉතින් කුමක් කරම් දැ” යි.

සාදු! සාදු!! සාදු!!!

කෝසල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M