☰
මහණෙනි, සුදුසු කාලයෙහි මේ දන්දීම් පසකි. ඒ කවර පසක් ද යත්;
ආගන්තුකයා හට දන් දෙයි. ගමන් යන්නහු හට දන් දෙයි. ගිලනා හට දන් දෙයි. දුර්භික්ෂයෙහි දන් දෙයි. යම් ඒ අළුත් සහල් – අළුත් ඵල ඇත්නම් එහි පළමු කොටස සීලවන්තයන් කෙරෙහි පිහිටුවයි.
මහණෙනි, මේ වනාහී සුදුසු කාලයෙහි දන්දීම් පස ය.
(ගාථා)
1. නුවණින් යුතු පුද්ගලයෝ දානයෙහි අනුසස් දැන මසුරු මළ බැහැර කොට සුදුසු කාලයෙහි දන් දෙති. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති, ඍජු මගෙහි බැසගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසි කල්හි පහන් සිතින් පුදන දානයක් වෙයි ද, ඔහුගේ ඒ දක්ෂිණාව මහත්ඵල ලබා දෙයි.
2. එහිදී යම් කෙනෙක් ඒ දානය අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ට ඒ දක්ෂිණාව අඩු නොවෙයි. ඔවුහු ද පිනෙහි කොටස්කරුවෝ වෙති.
3. එහෙයින් යම් පිරිසක් කෙරෙහි දුන් දානය මහත්ඵල ලැබ දෙයි ද, එහිලා නොහැකිළුණු සිත් ඇති ව දන් දිය යුත්තේ ය. සත්වයන් හට පරලොවෙහි දී පිහිට වන්නේ පින ය.
සාදු! සාදු!! සාදු!!!
කාලදාන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M