☰
මහණෙනි, දානයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
බොහෝ ජනයා හට ප්‍රිය මනාප වෙයි. ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කරත්. කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැනනගියි. ගිහි ධර්මය වන පංච ශීලයෙන් බැහැර නොයයි. කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහී පසක් වූ දානානිශංසයෝ ය.
(ගාථා)
1. සත්පුරුෂයන්ගේ ධර්මයක් වන දානය අනුගමනය කරන දන් දෙන තැනැත්තා අන්‍යයන්ට ප්‍රිය වෙයි. සංවර ඉඳුරන් ඇති, බඹසර සුරකින ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කරති.
2. ඔවුහු සියළු දුක් නසාලන ධර්මය ඔහුට දේශනා කරති. හේ ඒ ධර්මය දැන මේ ජීවිතයේ දී ම ආශ්‍රව රහිත ව පිරිනිවී යයි.
සාදු! සාදු!! සාදු!!!
දානානිසංස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M