☰
මහණෙනි, බොජුන් පුදන දායක තෙමේ ප්‍රතිග්‍රාහක පක්ෂයට පස් කරුණක් දෙන්නේ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආයුෂය දෙයි. ශරීර පැහැය දෙයි. සැපය දෙයි. ශක්තිය දෙයි. ප්‍රතිභානය දෙයි.
ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂික වූ හෝ ආයුෂයට හිමිකරුවෙක් වෙයි. සිරුරු පැහැය දී ….(පෙ)…. සැපය දී ….(පෙ)…. සවිය දී ….(පෙ)…. ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂික වූ හෝ ප්රතිභානයට හිමිකරුවෙක් වෙයි.
මහණෙනි, බොජුන් පුදන දායක තෙමේ ප්‍රතිග්‍රාහක පක්ෂයට මේ පස් කරුණ දෙන්නේ වෙයි.
(ගාථා)
1. නුවණින් එඩිතර තැනැත්තා ආයුෂ දෙන්නේ, බලය දෙන්නේ, පැහැය දෙන්නේ, ප්‍රතිභානය දෙන්නේ, සැපය ද දෙන්නේ වෙයි. ඒ නුවණැත්තා සැපයට ම පැමිණෙන්නේ වෙයි.
2. ආයුෂ, බලය, වර්ණය, සැපය, ප්‍රතිභානය දී යම් යම් තැනක උපදින්නේ වෙයි ද, දීර්ඝායුෂ ඇති, යස පිරිවර ඇතියෙක් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
භෝජන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M