සැවැත් නුවර දී ය ……
මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අගෞරවයෙන් යුතු ව, යටහත් පැවතුම් නැති ව, නොගැලපෙන පැවතුම් ඇති ව වාසය කරන විට උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් නොපුරා සේඛ ධර්මය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. සේඛ ධර්මය නොපුරා සීල ස්කන්ධය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. සීල ස්කන්ධය නොපුරා සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. සමාධි ස්කන්ධය නොපුරා ප්රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි.
මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සබ්රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුතු ව, යටහත් පැවතුම් ඇති ව, ගැලපෙන පැවතුම් ඇති ව වාසය කරන විට උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් පුරා සේඛ ධර්මය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. සේඛ ධර්මය පුරා සීල ස්කන්ධය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. සීල ස්කන්ධය පුරා සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. සමාධි ස්කන්ධය පුරා ප්රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අගාරව සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M