අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.3.1. පඨම අගාරව සුත්තං

5.1.3.1. අගෞරවය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අගෞරවයෙන් යුතු ව, යටහත් පැවතුම් නැති ව, නොගැලපෙන පැවතුම් ඇති ව වාසය කරන විට උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් නොපුරා සේඛ ධර්මය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. සේඛ ධර්මය නොපුරා සීලයන් සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. සිල් නොපුරා සම්මා දිට්ඨිය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. සම්මා දිට්ඨිය නොපුරා සම්මා සමාධිය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි.

මහණෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුතු ව, යටහත් පැවතුම් ඇති ව, ගැලපෙන පැවතුම් ඇති ව වාසය කරන විට උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් පුරා සේඛ ධර්මය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. සේඛ ධර්මය පුරා සීලයන් සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. සිල් පුරා සම්මා දිට්ඨිය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි. සම්මා දිට්ඨිය පුරා සම්මා සමාධිය සම්පූර්ණ කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙන දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

පඨම අගාරව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M