අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.2.9. නේව අත්තහිත – නෝ පරහිත සුත්තං

5.1.2.9. තමාගේ ත්, අන්‍යයන්ගේ ත් අයහපත ගැන වදාළ දෙසුම

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව තමන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද නොවෙයි. අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද නොවෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව තමා ත් සිල්වත් නොවූයේ වෙයි. අන් අය ත් සීල සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා ත් සමාධි සම්පන්න නොවූයේ වෙයි. අන් අය ත් සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා ත් ප්‍රඥා සම්පන්න නොවූයේ වෙයි. අන් අය ත් ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා ත් විමුක්ති සම්පන්න නොවූයේ වෙයි. අන් අය ත් විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා ත් විමුක්ති ඥානදර්ශන සම්පන්න නොවූයේ වෙයි. අන් අය ත් විමුක්ති ඥානදර්ශන සම්පත්තියෙහි සමාදන් නොකරවයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුව තමන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද නොවෙයි. අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද නොවෙයි.

සාදු! සාදු!! සාදු!!!

නේව අත්තහිත – නෝ පරහිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M