☰
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. තමන්ගේ යහපත පිණිස නොවෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව තමා සිල්වත් නොවූයේ වෙයි. අන් අය සීල සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා සමාධි සම්පන්න නොවූයේ වෙයි. අන් අය සමාධි සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා ප්‍රඥා සම්පන්න නොවූයේ වෙයි. අන් අය ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා විමුක්ති සම්පන්න නොවූයේ වෙයි. අන් අය විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා විමුක්ති ඥානදර්ශන සම්පන්න නොවූයේ වෙයි. අන් අය විමුක්ති ඥානදර්ශන සම්පත්තියෙහි සමාදන් කරවයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුව අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. තමන්ගේ යහපත පිණිස නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
පරහිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M