☰
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ගේ යහපත පිණිස නොවෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව තමා සිල්වත් වූයේ වෙයි. අන් අය සීල සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා සමාධි සම්පන්න වූයේ වෙයි. අන් අය සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා ප්‍රඥා සම්පන්න වූයේ වෙයි. අන් අය ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා විමුක්ති සම්පන්න වූයේ වෙයි. අන් අය විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවයි. තමා විමුක්ති ඥානදර්ශන සම්පන්න වූයේ වෙයි. අන් අය විමුක්ති ඥානදර්ශන සම්පත්තියෙහි සමාදන් නොකරවයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුව තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ගේ යහපත පිණිස නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
අත්තහිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M