☰
මහණෙනි, මේ වනාහී පසක් වූ බලයෝ ය. ඒ කවර පසක් ද යත්;
ශ්රද්ධා බලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, ප්රඥා බලය ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ බලයෝ ය.
මහණෙනි, මේ බලයන් අතුරින් යම් මේ ප්රඥා බලයක් ඇද්ද, මෙය අග්ර ය. මෙම ප්රඥා බලය කුසල් එක්තැන් කරයි. මෙම ප්රඥා බලය කුසල් රැස් කරයි.
මහණෙනි. එය මෙබඳු දෙයකි. උස් මුදුන් ඇති වහළයෙහි යම් මේ කැණිමඬලක් ඇද්ද, මෙය අග්ර ය. මෙය යට ලී එක් කරයි. පරාල එකට රැස් කරයි. එසෙයින් ම මහණෙනි, මේ බලයන් අතුරින් යම් මේ ප්රඥා බලයක් ඇද්ද, මෙය අග්ර ය. මෙම ප්රඥා බලය කුසල් එක්තැන් කරයි. මෙම ප්රඥා බලය කුසල් රැස් කරයි.
සාදු! සාදු!! සාදු!!!
බල අග්ග සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M