අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.2.5. බල දට්ඨබ්බ සුත්තං

5.1.2.5. දැක්ක යුතු බලය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ බලයෝ පසකි. ඒ කවර පසක් ද යත්;

ශ්‍රද්ධා බලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, ප්‍රඥා බලය ය යනුවෙනි.

මහණෙනි, ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ කවර තැනක ද? සෝවාන් ඵලයට පත්වූවෙකු තුළ පිහිටන අංග සතරෙහි ය. ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ මෙහි ය.

මහණෙනි, විරිය බලය දැක්ක යුත්තේ කවර තැනක ද? සතර සම්‍යක් ප්‍රධානයෙහි ය. විරිය බලය දැක්ක යුත්තේ මෙහි ය.

මහණෙනි, සති බලය දැක්ක යුත්තේ කවර තැනක ද? සතර සතිපට්ඨානයෙහි ය. සති බලය දැක්ක යුත්තේ මෙහි ය.

මහණෙනි, සමාධි බලය දැක්ක යුත්තේ කවර තැනක ද? ධ්‍යාන සතරෙහි ය. සමාධි බලය දැක්ක යුත්තේ මෙහි ය.

මහණෙනි, ප්‍රඥා බලය දැක්ක යුත්තේ කවර තැනක ද? චතුරාර්ය සත්‍යයෙහි ය. ප්‍රඥා බලය දැක්ක යුත්තේ මෙහි ය.

මහණෙනි, මේ වනාහී පංච බලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

බල දට්ඨබ්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M