☰
මහණෙනි, මේ වනාහී පසක් වූ සේඛ බලයෝ ය. ඒ කවර පසක් ද යත්; ශ්රද්ධා බලය ය, හිරි බලය ය, ඔත්තප්ප බලය ය, විරිය බලය ය, ප්රඥා බලය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ සේඛ බලයෝ ය.
මහණෙනි, මේ සේඛ බලයන් අතුරින් යම් මේ ප්රඥා බලයක් ඇද්ද, මෙය අග්ර ය. මෙම ප්රඥා බලය කුසල් එක්තැන් කරයි. මෙම ප්රඥා බලය කුසල් රැස් කරයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. උස් මුදුන් ඇති වහළයෙහි යම් මේ කැණිමඬලක් ඇද්ද, මෙය අග්ර ය. මෙය යට ලී එක් කරයි. පරාල එකට රැස් කරයි. එසෙයින් ම මහණෙනි, මේ සේඛ බලයන් අතුරින් යම් මේ ප්රඥා බලයක් ඇද්ද, මෙය අග්ර ය. මෙම ප්රඥා බලය කුසල් එක්තැන් කරයි. මෙම ප්රඥා බලය කුසල් රැස් කරයි.
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘ශ්රද්ධා බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. හිරි බලය නම් වූ සේඛ බලයෙන් ….(පෙ)…. ඔත්තප්ප බලය නම් වූ සේඛ බලයෙන් ….(පෙ)…. විරිය බලය නම් වූ සේඛ බලයෙන් ….(පෙ)…. ප්රඥා බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු’ යි. මහණෙනි, ඔබ ඔය අයුරින් ම හික්මිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සේඛ බල අග්ග සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M