☰
සැවැත් නුවර දී ය ……
මහණෙනි, මම පෙර නොඇසූ විරූ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව විශිෂ්ට ඥානයෙන් ලත් අවබෝධයෙන් යුතු ව නිවන් මග සම්පූර්ණ කළ බවට, පාරමී ධර්මයන්හි මුදුන් පැමිණි බවට ප්‍රතිඥා දෙමි.
මහණෙනි, යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙත් ද, පිරිස් මධ්‍යයෙහි සිංහනාද කරත් ද, බ්‍රහ්ම චක්‍රය නම් වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරත් ද, තථාගතයන්ගේ මේ තථාගත බලයෝ පසකි. ඒ කවර පසක් ද යත්;
ශ්‍රද්ධා බලය ය, හිරි බලය ය, ඔත්තප්ප බලය ය, විරිය බලය ය, ප්‍රඥා බලය ය.
මහණෙනි, යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙත් ද, පිරිස් මධ්‍යයෙහි සිංහනාද කරත් ද, බ්‍රහ්ම චක්‍රය නම් වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරත් ද, තථාගතයන්ගේ මේ තථාගත බලයෝ පස ය.
සාදු! සාදු!! සාදු!!!
තථාගත බල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M