මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, ශ්රද්ධා රහිත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව නැති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන භය නැති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, කුසීත වූ භික්ෂුව ….(පෙ)…. මහණෙනි, ප්රඥාව රහිත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, ශ්රද්ධාවන්ත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව ඇති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන භය ඇති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, පටන්ගත් වීරිය ඇති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, ප්රඥාවන්ත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම අගාරව සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M