අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.1.10. දුතිය අගාරව සුත්තං

5.1.1.10. ගෞරව නැතිකම ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට අසමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, ශ්‍රද්ධා රහිත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට අසමර්ථ වෙයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව නැති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන භය නැති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, කුසීත වූ භික්ෂුව ….(පෙ)…. මහණෙනි, ප්‍රඥාව රහිත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට අසමර්ථ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට අසමර්ථ වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට සමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, ශ්‍රද්ධාවන්ත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට සමර්ථ වෙයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව ඇති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන භය ඇති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, පටන්ගත් වීරිය ඇති භික්ෂුව ….(පෙ)…. මහණෙනි, ප්‍රඥාවන්ත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට සමර්ථ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ගෞරව ඇත්තේ, යටහත් පැවතුම් ඇත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, දියුණුවක්, විපුල බවක් අත්පත් කරගන්නට සමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අගාරව සූත්‍රය නිමා විය.

පළමුවෙනි සේඛ බල වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

සංඛිත්ත සූත්‍රය, විත්ථත සූත්‍රය, දුක්ඛ සූත්‍රය, යථාභත සූත්‍රය, සික්ඛා සූත්‍රය, සමාපත්ති සූත්‍රය, කාම සූත්‍රය, චවන සූත්‍රය සහ අගාරව සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M