මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව මේ ජීවිතයේ දී ම ත් දුකසේ වසන්නේ වෙයි. දුක්ඛිත වූ ත්, දැඩි පීඩා සහිත වූ ත්, කෙලෙස් දාහයෙන් යුක්ත වූ ත් ජීවිතයක් ගෙවයි. කය බිඳී මරණින් මතු දුගතිය කැමති විය යුත්තේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාව නැත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව ලැජ්ජාව නැත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව භය නැත්තේ වෙයි. අකුසල් දුරු කිරීමට ත්, කුසල් වැඩීමට ත් කුසීත වෙයි. ප්‍රඥා රහිත වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව මේ ජීවිතයේ දී ම ත් දුකසේ වසන්නේ වෙයි. දුක්ඛිත වූ ත්, දැඩි පීඩා සහිත වූ ත්, කෙලෙස් දාහයෙන් යුක්ත වූ ත් ජීවිතයක් ගෙවයි. කය බිඳී මරණින් මතු දුගතිය කැමති විය යුත්තේ ය.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව මේ ජීවිතයේදී ම ත් සැපසේ වසන්නේ වෙයි. දුක් නැති, පීඩා නැති, කෙලෙස් දැවිල්ලෙන් තොර වූ ජීවිතයක් ගෙවයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුත්තේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව ලැජ්ජාව ඇත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව භය ඇත්තේ වෙයි. අකුසල් දුරු කිරීමට ත්, කුසල් වැඩීමට ත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. ප්‍රඥාව ඇත්තේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව මේ ජීවිතයේදී ම ත් සැපසේ වසන්නේ වෙයි. දුක් නැති, පීඩා නැති, කෙලෙස් දැවිල්ලෙන් තොර වූ ජීවිතයක් ගෙවයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුක්ඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M