මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම මරණින් මතු නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්රද්ධාව නැත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව ලැජ්ජාව නැත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව භය නැත්තේ වෙයි. අකුසල් දුරු කිරීමට ත්, කුසල් වැඩීමට ත් කුසීත වෙයි. ප්රඥා රහිත වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන්නේ යම් සේ ද එසෙයින් ම මරණින් මතු නිරයෙහි උපදින්නේ වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම මරණින් මතු සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්රද්ධාව ඇත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව ලැජ්ජාව ඇත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව භය ඇත්තේ වෙයි. අකුසල් දුරු කිරීමට ත්, කුසල් වැඩීමට ත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. ප්රඥාව ඇත්තේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම මරණින් මතු සුගතියෙහි උපදින්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
යථාභත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M