☰
මහණෙනි, සතර කරුණකින් යුතු භික්ෂුව අරණ්‍ය, ඈත වනය, ඉතා දුර සෙනසුන් සේවනය කරන්නට සුදුසු නොවෙයි. ඒ කවර සතරක් ද යත්;
කාම විතර්කයෙන් යුක්ත වෙයි. ව්‍යාපාද විතර්කයෙන් යුක්ත වෙයි. විහිංසා විතර්කයෙන් යුක්ත වෙයි. දුෂ්ප්‍රාඥ වූයේ ජඩ වූයේ කෙළතොළු වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු භික්ෂුව අරණ්‍ය, ඈත වනය, ඉතා දුර සෙනසුන් සේවනය කරන්නට සුදුසු නොවෙයි.
මහණෙනි, සතර කරුණකින් යුතු භික්ෂුව අරණ්‍ය, ඈත වනය, ඉතා දුර සෙනසුන් සේවනය කරන්නට සුදුසු වෙයි. ඒ කවර සතරක් ද යත්;
නෙක්ඛම්ම විතර්කයෙන් යුක්ත වෙයි. අව්‍යාපාද විතර්කයෙන් යුක්ත වෙයි. අවිහිංසා විතර්කයෙන් යුක්ත වෙයි. ප්‍රඥාවන්ත වූයේ ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු භික්ෂුව අරණ්‍ය, ඈත වනය, ඉතා දුර සෙනසුන් සේවනය කරන්නට සුදුසු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අරඤ්ඤසේනාසන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M