මහණෙනි, මේ අනාර්ය සෙවීම් සතරකි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් මහළු වන ස්වභාවයෙන් යුතු ව මහළු වන ස්වභාවයෙන් යුතු දෙයක් ම සොයයි. තමා ත් රෝගී වන ස්වභාවයෙන් යුතු ව රෝගී වන ස්වභාවයෙන් යුතු දෙයක් ම සොයයි. තමා ත් මැරෙන ස්වභාවයෙන් යුතු ව මැරෙන ස්වභාවයෙන් යුතු දෙයක් ම සොයයි. තමා ත් කිලිටි වන ස්වභාවයෙන් යුතු ව කිලිටි වන ස්වභාවයෙන් යුතු දෙයක් ම සොයයි.
මහණෙනි, මේ වනාහී අනාර්ය සෙවීම් සතර යි.
මහණෙනි, මේ ආර්ය සෙවීම් සතරකි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා මහළු වන ස්වභාවයෙන් යුතු ව සිට මහළු වන ස්වභාවයෙහි ආදීනව දැක මහළු නොවන අනුත්තර වූ ක්ලේශ යෝගයෙන් මිදීම වූ අමා නිවන සොයයි. තමා රෝගී වන ස්වභාවයෙන් යුතු ව සිට රෝගී වන ස්වභාවයෙහි ආදීනව දැක රෝගී නොවන අනුත්තර වූ ක්ලේශ යෝගයෙන් මිදීම වූ අමා නිවන සොයයි. තමා මැරෙන ස්වභාවයෙන් යුතු ව සිට මැරෙන ස්වභාවයෙහි ආදීනව දැක නොමැරෙන අනුත්තර වූ ක්ලේශ යෝගයෙන් මිදීම වූ අමා නිවන සොයයි. තමා කිලිටි වන ස්වභාවයෙන් යුතු ව සිට කිලිටි වන ස්වභාවයෙහි ආදීනව දැක නොකිලිටි අනුත්තර වූ ක්ලේශ යෝගයෙන් මිදීම වූ අමා නිවන සොයයි.
මහණෙනි, මේ වනාහී ආර්ය සෙවීම් සතර යි.
සාදු! සාදු!! සාදු!!!
පරියේසනා සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M