☰
මහණෙනි, මේ ආර්ය ව්‍යවහාර සතරකි. ඒ කවර සතරක් ද යත්;
නුදුටු දේ නුදුටු බව කියන්නේ වෙයි. නොඇසූ දේ නොඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය නොකළ දේ ආඝ්‍රාණය නොකළ බව කියන්නේ වෙයි, අනුභව නොකළ දේ අනුභව නොකළ බව කියන්නේ වෙයි, ස්පර්ශය නොලැබූ දේ ස්පර්ශය නොලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් නොදැන ගත් දේ සිතෙන් නොදැනගත් බව කියන්නේ වෙයි.
මහණෙනි, මේ වනාහී ආර්ය ව්‍යවහාර සතර යි.
සාදු! සාදු!! සාදු!!!
අරියවෝහාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M