අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.10. අනරියවෝහාර සුත්තං

4.5.5.10. අනාර්ය ව්‍යවහාරය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ අනාර්ය ව්‍යවහාර සතරකි. ඒ කවර සතරක් ද යත්;

දුටු දේ නුදුටු බව කියන්නේ වෙයි. ඇසූ දේ නොඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය කළ දේ ආඝ්‍රාණය නොකළ බව කියන්නේ වෙයි, අනුභව කළ දේ අනුභව නොකළ බව කියන්නේ වෙයි, ස්පර්ශය ලැබූ දේ ස්පර්ශය නොලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් දැන ගත් දේ සිතෙන් නොදැන ගත් බව කියන්නේ වෙයි.

මහණෙනි, මේ වනාහී අනාර්ය ව්‍යවහාර සතර යි.

සාදු! සාදු!! සාදු!!!

අනරියවෝහාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M