අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.11. අරියවෝහාර සුත්තං

4.5.5.11. ආර්ය ව්‍යවහාරය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ආර්ය ව්‍යවහාර සතරකි. ඒ කවර සතරක් ද යත්;

දුටු දේ දුටු බව කියන්නේ වෙයි. ඇසූ දේ ඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය කළ දේ ආඝ්‍රාණය කළ බව කියන්නේ වෙයි, අනුභව කළ දේ අනුභව කළ බව කියන්නේ වෙයි, ස්පර්ශය ලැබූ දේ ස්පර්ශය ලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් දැන ගත් දේ සිතෙන් දැන ගත් බව කියන්නේ වෙයි.

මහණෙනි, මේ වනාහී ආර්ය ව්‍යවහාර සතර යි.

සාදු! සාදු!! සාදු!!!

අරියවෝහාර සූත්‍රය නිමා විය.

පස්වෙනි ආපත්ති භය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාපභික්ඛු සූත්‍රය, ආපත්ති සූත්‍රය, සික්ඛා සූත්‍රය, සෙය්‍ය සූත්‍රය, ථූපාරහ සූත්‍රය, පඤ්ඤාවුද්ධි සූත්‍රය, බහුකාර සූත්‍රය හා වෝහාර සූත්‍ර සතර වශයෙන් මෙහි සූත්‍ර එකොළොසකි.

පස්වෙනි මහා පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M