අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.8. අනරියවෝහාර සුත්තං

4.5.5.8. අනාර්ය ව්‍යවහාරය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ අනාර්ය ව්‍යවහාර සතරකි. ඒ කවර සතරක් ද යත්;

නුදුටු දේ දුටු බව කියන්නේ වෙයි. නොඇසූ දේ ඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය නොකළ දේ ආඝ්‍රාණය කළ බව කියන්නේ වෙයි, අනුභව නොකළ දේ අනුභව කළ බව කියන්නේ වෙයි, ස්පර්ශය නොලැබූ දේ ස්පර්ශය ලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් නොදැන ගත් දේ සිතෙන් දැනගත් බව කියන්නේ වෙයි.

මහණෙනි, මේ වනාහී අනාර්ය ව්‍යවහාර සතර යි.

සාදු! සාදු!! සාදු!!!

අනරියවෝහාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M