☰
මහණෙනි, කරුණු සතරකින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතරකින් ද යත්;
දොස් සහිත කාය කර්මයෙන් ය. දොස් සහිත වචී කර්මයෙන් ය. දොස් සහිත මනෝ කර්මයෙන් ය. දොස් සහිත දෘෂ්ටියෙන් ය.
මහණෙනි, මේ කරුණු සතරින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, කරුණු සතරකින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සතරකින් ද යත්;
නිදොස් කාය කර්මයෙන් ය. නිදොස් වචී කර්මයෙන් ය. නිදොස් මනෝ කර්මයෙන් ය. නිදොස් දෘෂ්ටියෙන් ය.
මහණෙනි, මේ කරුණු සතරින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
සබ්‍යාපජ්ජ – අබ්‍යාපජ්ජ කම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M